ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙකකට ගෙවීම් කටයුතු සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟ වී තිබෙනවා.
ඒ අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නැවකට සහ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නැවකට මෙලෙස ගෙවීම් කටයුතු සිදු කරනු ඇති.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී අදාළ තෙල් නෞකා දෙකට ඩොලර් මිලියන පනස් තුනක් නිදහස් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව එකඟ වූ බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද (24) සවස් වන විට එම මුදල ගෙවා දමනු ඇති බවට බලශක්ති අමාත්‍යවරයා විශ්වාසය පළ කළා.
එබැවින් ඉදිරියේ දී සිදු කිරීමට නියමිතව තිබූ විදුලි කප්පාදුව සිදු නොකර අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය කරන ඉන්ධන විදුලිබල මණ්ඩලය වෙත සැපයීමට හැකි වනුු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.
මේ අතර ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසා සිටියේ අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ පැයක විදුලි කප්පාදුව සිදු නොකරන බවයි.