විදුලි කප්පාදුවක් කරන්නේ නැ - විදුලි බල ඇමති
Monday, 24 January 2022 - 15:22 | Views - 821
ඩීසල් සහ පෙට්රල් රැගත් නෞකා දෙකකට ගෙවීම් කටයුතු සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟ වී තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නැවකට සහ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නැවකට මෙලෙස ගෙවීම් කටයුතු සිදු කරනු ඇති.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී අදාළ තෙල් නෞකා දෙකට ඩොලර් මිලියන පනස් තුනක් නිදහස් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව එකඟ වූ බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද (24) සවස් වන විට එම මුදල ගෙවා දමනු ඇති බවට බලශක්ති අමාත්‍යවරයා විශ්වාසය පළ කළා.

එබැවින් ඉදිරියේ දී සිදු කිරීමට නියමිතව තිබූ විදුලි කප්පාදුව සිදු නොකර අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය කරන ඉන්ධන විදුලිබල මණ්ඩලය වෙත සැපයීමට හැකි වනුු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

මේ අතර ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසා සිටියේ අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ පැයක විදුලි කප්පාදුව සිදු නොකරන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top