GFE නමින් වෙනස්ම ක්‍රමයක් - මුදලට විකිණෙන අයටත් සහනයක්
Monday, 24 January 2022 - 11:14 | Views - 16,987
හැඟීම් දැනීම් සහිත කොයි කාටත් තියෙන මූලිකම අවශ්‍යතාවයක් තමයි ලිංගික ආශාව සහ අවශ්‍යතාවය.

ලිංගිකත්වය කියන කාරණය ආදරයත් එක්කම එකට ආ යුතු දෙයක් යැයි බොහෝදෙනා කීවට ඒක එහෙමම නොවන අවස්ථා ඕනි තරම්.
 
ගණිකා වෘත්තිය ලොව බිහිවෙන්නෙත් එවන් පසුබිමක.
 
මොකද ලිංගික අවශ්‍යතා සංතෘප්ත කරගැනීමට ආදරය තිබිය යුතුම නම් බොහෝ දෙනෙක්ට වෙන්නෙ තම මූලිකම අවශ්‍යතාවයන් සඟවා සිටීමට. 
 
ලොව පැරණිතම රැකියාවන් අතර මුල් තැන ගන්නා එකක් තමයි ගණිකා වෘත්තිය. ලොව රටවල් කිහිපයකම එය රජයෙන්ම නීතිගත කර ඇති අවස්ථා අපිට හමුවෙනවා.
 
ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, ග්‍රීසිය වැනි යුරෝපීය රටවල් සහ බ්‍රසීලය, ඉක්වදෝරය, කොලොම්බියාව වැනි දකුණු ඇමරිකානු රටවලත් කැනඩාව , ඕස්ට්‍රේලියාවත් මේ වන විට ගණිකා වෘත්තිය පිළිගෙන තිබෙනවා.
 
නිල වශයෙන් පිළිගෙන නොමැති වුණත් අනිකුත් රටවලත් මෙය ක්‍රියාත්මක වන බව රහසක් නෙවෙයි.
 
වර්තමානය වෙද්දි ගැහැනු පමණක් නෙවෙයි පිරිමි පාර්ශවයද මෙම ගණිකා වෘත්තියෙහි නියැලෙන අවස්ථා පවතිනවා.
 
සම්පූර්ණ වශයෙන්ම පාහේ ගණිකා වෘත්තිය පසුබිම්ව ඇත්තේ මුදල මතයි.
 
එය එවෙලෙට වෙන ශරීර ගනුදෙනුවක් විතරයි.නැවතත් ඔබට එවන් ඇත්දැකීමක් අවශ්‍ය නම් නැවත ගෙවීමක් කරන්නත් වෙනවා. 
 
ගණිකා වෘත්තියේ තත්වය එහෙම වෙද්දි අපි මේ කියන්න යන්නෙ මුදලට යම් කාලයක් සඳහා පෙම්වතියක් ලබාගත හැකි ආකාරයක් ගැනයි.
 
අපි දන්න වැඩි හරියක් සබඳතා ඇත්තටම තීරණය වෙන්නෙ සල්ලි මතම වුණත් මේ කියන්න යන්නෙ ඊට වඩා වෙනස් ක්‍රමයක් ගැනයි. 
 
මේක හඳුන්වන්නේ GFE එහෙමත් නැත්නම් Girlfriend Experience නමින්.
 
සාමාන්‍යෙන් ගණිකාවක් ඇසුරු කිරීමෙදී වෙන්නෙ තම ලිංගික අවශ්‍යතා එකිනෙකාගෙන් සංතෘප්ත කරගැනීමක් විතරයි.
 
නමුත් මෙයින් ඔබට ලැබෙන්නේ ඊට එහා ගිය පෙම්වතියකගෙන් ලැබෙන අත්දැකීම් සමූදායක්.
 
ඔබේ වුවමනාව හෝ කැමැත්ත මත ජීවිත කාලය පුරාවටම වුණත් ඇයව ඔබේ සහකාරිය කරගත හැකියි.
 
අවශ්‍යතාවය සම්පූර්ණ වූ පසුව නාදුනන පුද්ගලයින් වන දෙදෙනෙකුට වඩා මෙයින් ලැබෙන අත්දැකීම පැහැදිලිවම වෙනස් බව දැන් ඔබට පැහැදිලි ඇති. 
 
ප්‍රධානතම අවශ්‍යතාවය වෙන ලිංගික ක්‍රියාවලිය හැරුණාම මෙහිදී ඔබට ඇයව ළඟම මිතුරියක්,හිතවතියක් හැටියට ඇසුරු කළ හැකියි.
 
ඇය සමඟ ඔබේ ජීවිතයේ බොහෝ දෑ හුවමාරු කරගත හැකියි.
 
ඇවිදීමට ,සාප්පු සවාරි යාමට ,අවන්හලකට වී කාලය ගෙවීමට ඇය ඔබ සමීපයේම රැඳී සිටිවී.
 
මෙහිදී මූලිකම අවශ්‍යතාවය ලිංගිකත්වය නොවන නිසාම ඇය හරි ආදරයෙන් ඔබ සමීපයෙහි රැඳේවි. 
 
මෙම අත්දැකීම ලැබීමට වඩාත් වැඩි කැමැත්තක් දක්වන්නේ මහලු වියෙහි පසුවන ධනවත් පුද්ගලයින් බවයි වාර්තා වෙන්නේ.
 
එමෙන්ම ඔවුන්ගේ තේරීම ළාබාල වියෙහි පසුවන තරුණියන් බවත් සඳහන් වෙනවා.
 
හුදෙක් ගණිකාවක් ලෙස ලේබල් නොවන නිසාම ගණිකා වෘත්තියේ නියැලෙන බොහෝ පිරිස් මීට කැමැත්තක් දක්වන බවත් සඳහන්.
 
ගැහැනුන්ම පමණක් නෙවෙයි කඩවසම් පුරුෂයිනුත් මෙහි නිරත වෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
 
ඇතැම් රටවලට වැඩි සංචාරක ආකර්ෂණයක් ලැබෙන්නේත් මේ නිසා යැයි වාර්තා වෙනවා. 
 
ගණිකාවන්ම විතරක් නෙවෙයි වැඩි ආර්ථික වාසි ලැබෙන නිසා බොහෝ තරුණියන් මීට වැඩි කැමැත්තක් දක්වන බව ඔවුන්ම පවසනවා.
 
නිරූපිකාවන්,රංගනයෙහි නියැලෙන පිරිස් ඒ අතර ප්‍රධානයි. 
 
වැඩි පිරිසක් අතර මෙය පැතිරීමට එක හේතුවක් ලෙස The Girlfriend Experience නම් කතා මාලාවත් සිනමාපටයත් හේතු වූ බව වැඩිදෙනාගේ අදහස වී තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top