බස් ගාස්තු ක්‍රමය අලුත් වෙයි - හිටගෙන ගියොත් ගාස්තුව අඩුයි
Monday, 24 January 2022 - 10:31 | Views - 1,278
බස් රථවල වාඩි නොවි ගමන් ගන්නා මගීන්ගෙන් අඩු මුදලක් අය කළ හැකි පරිදි නව බස් ගාස්තු ක්‍රමයක් ලබන සතියේ සිට හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන්නේ යැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම පවසනවා.

මහනුවරදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා.
 
කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ආසන ගණනට පමණක් මගීන් ගෙන යෑමේදී සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා ගාස්තු ඉහළ දැමීමක් කර තිබියදී ඇතැම් බස් රථවල ආසන ගත නීතිය උල්ලංඝනය කරමින් මගීන් ප්‍රවාහනය කරන බවද ඇමැතිවරයා පවසනවා.  
 
බස් ගාස්තු ඉහළ දැමීමක් කර තිබියදීත් දිගින් දිගටම ආසන ගත නීතිය උල්ලංඝනය කිරීම සිදුවන බැවින් හිටගෙන යන මගීන්ගෙන් සංශෝධනයට පෙර පැවැති ගාස්තු අය කිරීමට හැකි ලෙස නව ක්‍රමයක් හඳුන්වා දෙන බවත් හෙතෙම අවධාරණය කළා. 
 
ඒ අනුව ලබන සතියේ සිට ගාස්තු ක්‍රම දෙකක් යටතේ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන බව ඇමැතිවරයා වැඩිදුරටත් සදහන් කළා.
 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top