ජාතික රෝහලේ හෙද නිලධාරීන් රැසකට කොරෝනා
Monday, 24 January 2022 - 9:10 | Views - 724

දිවයිනේ ප්‍රදේශ රැසකින් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් වාර්තා වී ඇති බවත් රෝහල්ගත වීම සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හන්දානි පවසනවා.
මේ අතර ඊයේ මෙරටින් නව ආසාදිතයින් 838 දෙනෙකු හඳුනා ගැනුණු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
ඊයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 838 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 601,886ක් ලෙසයි.
ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 10,473ක්.
එමෙන්ම නව මරණ 15ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15299ක් දක්වා ඉහල ගියා.
මේ අතර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හන්දානි කියා සිටියේ, දෛනිකව ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව සියයට 8කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම සංකූලතා සහිතව රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාව සියයට 12කින් වර්ධනය වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
රට පුරා යළිත් කොරෝනා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කළේ, සතියක කාලයක් තුළ කොළඹ ජාතික රෝහලේ පමණක් ගර්භනී හෙද නිලධාරිනියන් ද ඇතුළුව හෙද නිලධාරීන් 62 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.
අනෙකුත් රෝහල්වල ද කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසකට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.
මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් 35,196,776 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගෝලීය මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5,614,316 ක් ලෙසයි.
ගත වූ පැය විසි හතරේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තාවන අතර, එය දැක්වුණේ 305,171ක් ලෙසයි.
ප්‍රංශයෙන්ද ආසාදිතයන් 301,614 ක් වාර්තාවනවා.
ඇමරිකාව සහ ඉතාලියෙන් ලක්ෂය ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article