අද පැයක් විදුලිය කැපෙයි (Video)
Monday, 24 January 2022 - 8:34 | Views - 2,626
විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා පවතින දැවි තෙල් ප්‍රමාණය පිළිබද සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ, එහිදී ඉදිරියේදී විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා කොපමණ දැවි තෙල් ප්‍රමාණයක් පවතින්නේ ද එය ප්‍රමාණවත් ද නැද්ද යන්න පිළිබද කරුණු අද පැවැත්වෙන සාකච්ඡාවේදී සංවාදයට බදුන් කරන බවයි.

කෙසේ වෙතත්, අද දිනයේ පැයක කාලයක් සහ හෙට සිට පැය දෙකකට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා ගෙන් කරනු ලැබූ විමසීමකදී කියා සිටියේ, විදුලි කප්පාදුවක් අනිවාර්ය බවයි.

එය අද රාත්‍රියේ හෝ හෙට සිට සිදුවිය හැකි බවයි ඔහු කියා සිටියේ.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලිය කප්පාදු කරන ආකාරය පිළිබඳව අද සාකච්ඡා කර මාධ්‍ය මගින් එය ප්‍රසිද්ධ කරන බව ද වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top