විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා පවතින දැවි තෙල් ප්‍රමාණය පිළිබද සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.
විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ, එහිදී ඉදිරියේදී විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා කොපමණ දැවි තෙල් ප්‍රමාණයක් පවතින්නේ ද එය ප්‍රමාණවත් ද නැද්ද යන්න පිළිබද කරුණු අද පැවැත්වෙන සාකච්ඡාවේදී සංවාදයට බදුන් කරන බවයි.
කෙසේ වෙතත්, අද දිනයේ පැයක කාලයක් සහ හෙට සිට පැය දෙකකට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා ගෙන් කරනු ලැබූ විමසීමකදී කියා සිටියේ, විදුලි කප්පාදුවක් අනිවාර්ය බවයි.
එය අද රාත්‍රියේ හෝ හෙට සිට සිදුවිය හැකි බවයි ඔහු කියා සිටියේ.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලිය කප්පාදු කරන ආකාරය පිළිබඳව අද සාකච්ඡා කර මාධ්‍ය මගින් එය ප්‍රසිද්ධ කරන බව ද වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළා.