උස්වැටකෙයියාව මුහුද රළු වෙයි (Video)
Friday, 21 January 2022 - 16:16 | Views - 1,467
උස්වැටකෙයියාව - මීගමුව මුහුදු තීරය අද අලුයම සිට දැඩි රළු ස්වභාවයක් ගෙන තිබෙනවා.
කෙසේ නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මෙය සාමාන්‍ය තත්වයක් බවයි.
එහෙත් දුන්ගල්පිටිය ප්‍රදේශයේ මහ වෙරළ, පුංචි වැල්ල ආදී ප්‍රදේශවල ධීවරයන්ගේ මාදැල් මුහුදට ගසාගෙන ගොස් ඇති බව සඳහන්.
උස්වැටකෙයියාව මීගමුව මුහුදු ප්‍රදේශයෙන් අද අලුයම 2ට පමණ විශාල ශබ්දයක් ඇසුණු බව ප්‍රදේශවාසීන් සහ ධීවරයින් ප්‍රකාශ කළා.
නාරා ආයතනයෙන් ද හිරු ප්රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, එම ආයතනයේ සාගර විද්‍යා අංශයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය අරුල් ආනන්දන් කියා සිටියේ, මෙය සාමාන්‍ය තත්ත්වයක් බව යි.
Share This Article