වාහන මිල නොසිතූ ලෙස ඉහල යමින් පවතින බව වාහන ආනයනකරුවන් පවසනවා.
එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් සදහන් කළේ පවතින තත්වයත් සමග වාහන මිල ගණන් අඩු වීමට දීර්ඝ කාලයක් ගතවනු ඇති බවයි.
ඉදිරියේදී වාහන ආනයනයට අවසර ලබාදෙන බව ජනාධිපතිවරයා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදි සදහන් කළා.
ඒ අනුව වාහන ආනයනයේදි ඉලෙක්ට්‍රික් මෝටර් රථ සදහා මූලික අවධානය යොමු කරන බවයි ජනපතිවරයා සදහන් කළේ.
එම ප්‍රකාශයෙන් වැඩි වාසියක් ලබාගැනීම සදහා වාහන මිල කෘතිමව ඉහළ දැමීමට යම් යම් කණ්ඩායම් විසින් මේ වන විට උත්සාහ ගනිමින් සිටිනවා.
ඒ වාහන ආනයනය කිරිමත් සමග මෙරට තුළ භාවිතා කරන වාහන විකිණීමේදී මිල ගණන් කැපීපෙනන ලෙස අඩු විය හැකි බවට මතයක් සමාජයේ ගෙන යාමට උත්සාහ කරමින්.
කෙසේ වෙතත් වාහන ආනයනකරුවන් පවසන්නේ මෙරටට වාහන අලෙවි කළද පවතින වාහනවල මිල ගණන් විශාල වශයෙන් අඩු නොවනු ඇති බවයි.