අද උදෑසන රථවාහන රාජකාරියක් සඳහා මහරගම පොලිස් ස්ථානයෙන් නික්ම ගොස් රාජකාරී නිමවා නැවත පැමිණෙන අතර වාරයේ මහරගම දඹහේන මාර්ගයේ දී යතුරුපැදිය අනතුරට ලක්වීම හේතුවෙන් මහරගම පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබෙනවා.
අදාළ පොලිස් කොස්තාපල්වරයා පන්නිපිටිය ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක් අසල රථ වාහන රාජකාරි සඳහා ගොස් එය නිමවා නැවත පැමිණෙන අතරවාරයේ යි මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ.
මෙතෙක් කරන ලද විමර්ශන අනුව අනතුරට ලක් වූ පොලිස් නිලධාරියා පැද වූ යතුරු පැදිය පාලනයෙන් ගිලිහී අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදු වී ඇති බවට යි තොරතුරු වාර්තා වන්නේ.
මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ, වයස අවුරුදු විසි හතරක් වන පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි එස්.එම් සංජීව නමැති පොලිස් කොස්තාපල්වරයෙක්.