ගර්භණී මව්වරුන්ට හදිසි දැනුම් දීමක්
Friday, 21 January 2022 - 9:21 | Views - 782

මෙරටින් කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් වාර්තා වීම මේවන විට ඉහළ ගොස් තිබෙනවා.
මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ ඉහළ යාමක් දැකිය හැක්කේ ගතවූ දීර්ඝ සති අන්ත නිවාඩුවෙන් පසුවයි.
පසුගිය ඔක්තෝබර් 01 දාසිට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1000ට වඩා පහළ ගිය අතර දින කිහිපයක් හැර සෙසු දිනවලදී එම අගය පැවතියේ 800ට අඩුවෙන්.
මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාද කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොළඹ පොලිස් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේවන විට කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් වාර්තා වීමේ ඉහළ යාමක්ද දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ගෙවුණු දිනයේදී මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 829ක් වාර්තා වුණා.
ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 827ක්.
19 දිනයට අදාළ කොවිඩ් මරණ 12ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15255ක් ලෙසයි.
මෙවන් පසුබිමක ඔමික්‍රොන් ප්‍රභේදය සමග රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් සමාජය තුළ බහුල බව අනාවරණ වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් වාර්තා වීමද ගෙවුණු සති කිහිපය තුළදී ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, ජනතාව එන්නත් ලබා නොගන්නේ නම් අතිරික්ත එන්නත් ප්‍රමාණය අවශ්‍යතාව සහිත වෙනත් රටවල්වලට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පවසනවා.
මේ අතර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
දිවයින පුරා මධ්‍යස්ථන 2943කදී පැවැත්වෙන මෙවර විභාග සඳහා අපේක්ෂිකයන් 340508ක් පෙනී සිටිනවා.
Share This Article