කොවිඩ් ආසාදිතව ජනප්‍රිය ගායිකාව මිය යයි (Photos)
Friday, 21 January 2022 - 9:11 | Views - 2,037
චෙක් ජනරජයේ ජනප්‍රිය ගායිකාවක් කොවිඩ් ආසාධනය කර ගනිමින් මියයාමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

57 හැවිරිදි Hana Horka නම් මෙම ගායිකාව කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන නොමැති අතර, ඇයට කොවිඩ් ආසාධිත බව තහවුරු වීමෙන් පසු සුවය ලබන බවට සමාජ මාධ්‍යවල ද පළ කර තිබූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. 
 
එසේ සටහන් කර දින දෙකකට පසු ඇය මරණයට පත්වූ බව ඇයගේ පුත්‍රයා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.
 
“මටයි මගේ පියාටයි කොවිඩ් වැළඳුණා. අපිට කොවිඩ් වැළඳුනේ නත්තල් සමයේ. ඒත් අම්මා අපෙන් ඈත් වුණේ නෑ. ඒ වෙනුවට වෛරසය වැළඳගන්න ඇයට උවමනා වුණා. ඇය හුදෙකලා වෙනවා වෙනුවට අපිත් එක්ක මුළු කාලයම හිටියා..” තමාට සුවයක් දැනෙන බව මියගිය දිනයේ උදෑසන මෙම ගායිකාව පවුලේ සාමාජිකයන්ට ඇය ප්‍රකාශ කර තිබුණා.
 
“විනාඩි 10කින් ඔක්කොම ඉවරයි ! ඇය හුස්ම හිරවෙලා යන්නම ගියා.. ඇය එන්නත ගන්නත් කැමති වුණේ නෑ. ඇය සමඟ සාකච්ඡා කළත් ඒවා නිශ්ඵල වුණා…” ඇයගේ පුත්‍රයා එලෙස ප්‍රකාශ කර තිබෙනවා. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top