මහ බැංකු පොලී අනුපාත ඉහළට
Thursday, 20 January 2022 - 13:57 | Views - 1,224

මෙරටින් පිටත පදිංචි පුද්ගලයින්ට සපයන ලබන සේවාවන් සදහා විදේශ විනිමය පමණක් භාර ගන්නා ලෙස මහබැංකුව සියළුම ලියාපදිංචි සංචාරක ආයතන වලට අනිවාර්ය කර තිබෙනවා.
ඊයේ (19) දින රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ, ඉන්ධන මිලදී ගැනීම සදහා වන අත්‍යාවශ්‍ය ආනයන බිල්පත් මූල්‍යණය කිරීම බලපත්‍රලාභී බැංකු අතර ඔවුන්ගේ විදේශ විනිමය ලැබීම්වලට සමානුපාතිකව බෙදා හැරීමටයි.
මේ අතර, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දැමීමට ද තීරණය වුණා.
ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.5 මට්ටම දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6.5 මට්ටම දක්වා ඉහළ දැමීමටයි ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය පියවර ගත්තේ.
මීට පෙර නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සියයට 5 මට්ටමේ පැවති අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතය පැවතියේ සියයට 6ක මට්ටමේයි.
එමෙන්ම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින සියයට 4 රේ මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එමෙන්ම මහබැංකුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සදහන් කළේ ඩොලර් හිගය මත වරායේ සිර වී තිබෙන සියළුම බහාලුම් නිදහස් කර ගැනීම සදහා අවශ්‍ය මුදල් ලබාදී ඇති බවයි.
Share This Article