විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එහි නියෝග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පැහැදිලි කළේ, පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින්.
මීට අදාළ විවාදය හෙට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත යි.
මේ අතර, පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව සඳහා පත් කර ඇති සාමාජිකයන්ගේ නම් කථානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.