පහළොස් හැවිරිදි බාල වයස්කාර තරුණියකට උපන් දිනයට තෑග්ගක් දීමට බවට පවසමින් ඇය සිය නිවෙසට රැගෙන ගොස් ඇයට බරපතළ ලෙස අපයෝජනයක් කළ විසිහතර හැවිරිදි තරුණයකු බියගම පොලිසිය මඟින් පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිය මව විදේශ රැකියාවකට ගොස් සිටි අවස්ථාවේ 2019 වසරේ මෙම සිද්ධිය සිදුව තිබෙන අතර ඇයගේ බාල සොහොයුරා සමඟ තරුණිය ආච්චි අම්මාගේ නිවෙසේ සිටිදී ඇය මේ අතවරයට ලක් වී ඇත.
එම වසරේ මාර්තු දිනෙක මෙම තරුණිය දහම් පාසල් ගොස් ආපසු නිවෙස වෙත එමින් සිටින විට එම තරුණයා ඇයගේ උපන් දිනයට තෑග්ගක් දීමට බවට පවසා ඔහුගේ නිවෙසට රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇතැයි ප්රකාශ වේ.
ඉන්පසුව කීපවතාවක්ම මෙම බාල වයස්කාර තරුණිය එම තරුණයා සමඟ ඇසුරු කර තිබෙන අතර ඉකුත් 15 වැනිදා අලුයම ඇය විසින් නිවෙසේ තිබූ ජංගම දුරකථනයකින් එම තරුණයාට ඇමතුමක් දුන් අවස්ථාවේ සිද්ධිය අනාවරණය කර ගැනීමට පවුලේ අයට හැකි වී තිබේ.