අගනුවර වෙනස් කරන්න - පාර්ලිමේන්තුවේ අනුමැතිය
Thursday, 20 January 2022 - 9:55 | Views - 683
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර වෙනස් කිරීමට එරට ජනාධිපති යෝකෝ විඩෝඩෝ ප්‍රමුඛ රජය ගත් තීරණයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ, අගනුවර වෙනස් කිරීම සම්බන්ධයෙන් සකස් කළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යොමු කරමින් ඡන්ද විමසුමක් පැවැත්වූ අවස්ථාවේදීයි. 
 
ජකර්තා අගනුවර අධික ජනගහනයක් වාසය කිරීම, පැය 24 පුරා අධික වාහන තදබදයක් පැවැතීම, වායු දූෂණය ඉහවහා යෑම සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී ගැටලු රැසක් මුල්කොට ගනිමින් අගනුවර වෙනත් ස්ථානයකට ගෙන යෑමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජනාධිපති යෝකෝ විඩෝඩෝ ය. 
 
මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව, ගිණිකොනදිග ආසියාවට අයත් දූපත් රාජ්‍යයක් වන අතර, එය පිහිටා ඇත්තේ ඉන්දීය සහ පැසිෆික් සාගරයට මැදිවය. 
 
දූපත් 17,000 ක් ඉන්දුනීසියාවට අයත් වන අතර, එයින් ප්‍රධාන දූපත් ලෙස සැලකෙන්නේ සුමාත්‍රා, සුලවේසී, ජාවාය. ඊට අමතරව, බෝනියෝ සහ නිව් ගිනියාවේ ද පළාත් ඉන්දුනීසියාවට අයත් වෙයි. 
 
ඉන්දුනීසියාව යනු ලොව වැඩිම දූපත් එකතුවකින් නිර්මාණය වූ රාජ්‍යයයි. 
 
ඉන්දුනීසියාවේ ජනගහනය මිලියන 270 කි. වත්මන් අගනුවර ලෙස සැලකෙන ජකර්තා පිහිටා ඇත්තේ ජාවා දූපතේය. 
 
ඉන්දුනීසියාවේ දූපත් අතරින් වැඩිම ජනගහනයක් වෙසෙන්නේ ජාවා දූපතේ වන අතර, ඉන්දුනීසියාවේ විශාලතම නගරය වන්නේ ද ජකර්තා අගනගරයයි. 
 
පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූයේ එරට අගනුවර බෝනියෝ දූපතේ ක්ලිමන්නාත් නමැති වනාන්තර ප්‍රදේශයට ගෙන යෑමටය. 
 
නව අගනුවර නුසන්තරා යන නමින් නම් කෙරෙනු ඇති බව ද පැවැසෙයි. නුසන්තරා යන නමින් නව අගනුවර ඉදි කෙරෙනු ඇත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන 32 ක මුදලක් වැය කරමින් යැයි ද පැවැසෙයි. 
(රොයිටර්) 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top