අදත් විදුලිය කැපෙයි ද ?
Thursday, 20 January 2022 - 7:57 | Views - 412
අද (20) දිනයේ දී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඊයේ (19) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා කියා සිටියේ කාණ්ඩ 04ක් යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවලට වරින් වර විදුලි කප්පාදුවක් සිදු කරන බවයි.

ඊට හේතුව ලෙස එම සංගමය පෙන්වා දුන්නේ, පෙරේදා දිනයේ ඩීසල් සහ නැප්තීන් නමැති ඉන්ධන ද්‍රාවණ හිඟවීමෙන් කැලණිතිස්ස සහ සපුගස්කන්ද විදුලි බලාගාර වසා දැමුණේ, එය පවත්වාගෙන යාමට අවශ්‍ය තෙල් නොමැති වීම හේතුවෙන් බවයි.

කෙසේවෙතත්, ඊයේ දිනයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී ඇත්තේ, කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000ක් ලබාදීමටයි.

ඩීසල් සහ නැප්තා නො මැති වීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාර සංකීර්ණ දෙකේ බලාගාර දෙක ම නවතා දැමුණේ පෙරේ දා සිට යි.

කැලණිතිස්ස සංයුක්ත චක්‍රිය බලාගාරයෙන් මොගාවොට් 165ක ධාරිතාවයෙන් මෙරට විදුලිබල පද්ධතියට අහිමි වූ අතර ජි. ටී. 7 තාප බලාගාරයෙන් අහිමි වූ ධාරිතාව මෙගාවොට් 115ක්.

එමෙන්ම ශ්‍රී ලංකා මහබැංකුවෙන් මුදල් නිදහස් කිරීමත් සමග වරායේ සිර වී තිබූ ඉන්ධන අඩංගු නෞකා දෙකක් ද ඊයේ (19) දින මුදා හැරීමට පියවර ගත් නිසා බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ, යළි අක්‍රීය වූ බලාගාර පණගැන්වීමට හැකියාවක් පවතින බවයි.

මේ අතර, ඊයේ පෙරවරුවේ විදුලිබල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කිසිම විටෙක විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

මෙවන් තත්ත්වයකදියි ඊයේ පස්වරුවේ දී විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය විසින් ඉන්ධන නොමැති වීමෙන් ධාරිතාව සහ සමබරතාව රැක ගැනීම සඳහා වරින්වර විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදුවන බව නිවේදනය කළේ.

ඒ අනුවයි ඊයේ පස්වරු 2.30 සිට 9.30 තෙක් කාණ්ඩ 04ක් යටතේ පාරිභෝගික ජනතාවට පැයයි විනාඩි 45ක කාලයක් අඳුරේ සිටීමට සිදු වූයේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top