ගුරුවරුන්ට 5000 දීමනාව නැහැ !
Thursday, 20 January 2022 - 7:32 | Views - 2,310
රාජ්‍ය පළාත් අංක 03/2022 දරණ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින්ට ජනවාරි මස සිට රුපියල් 5000ක අතිරේක දීමනාවක් හිමි ගැන්වීම ගුරු සේවයට හිමි නොවන බවට වාර්තා වනවා.

අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයට අනුවයි මේ බව තහවුරු වී ඇත්තේ.

ඉහත අංකය දරණ චක්‍රලේඛය අනුව 2022 ජනවාරි මස සිට රජයේ සේවකයින්ට හිමි ගැන්වෙන රුපියල් 5000 දීමනාව ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පෙරේදා (18) දිනයේ අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පැවති ගණකාධිකාරිවරුන්ගේ රැස්වීමේදී යි.

එම අතිරේක දීමනාව අදාළ ගුරු වැටුප් පත්‍රිකාවේ පෙන්නුම් කළ ද, එය වැටුපට එක් නොකර ඇති බව ද නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කෙසේවෙතත්, ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ පසුගිය 02 වැනි දිනයි.

මෙම දීමනාව විශ්‍රාමිකයන්ට ද ලබා දීමට තීරණය කෙරුණා.

ඒ අනුව විශ්‍රාමිකයින් ලෙස සිටින 666,480ක් දෙනාට ද රුපියල් 5000ක් මාසිකව අතිරේක දීමනාවක් ලෙසින් ලබාදීමටයි යෝජනා කෙරුණේ.

මේ අතර සමෘද්ධිලාභීන්ගේ 3500 මාසික දීමනාවට ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1000ක දීමනාවක් ද හිමි ගැන්වීමට තීරණය කෙරුණු අතර, පර්චර්ස් 20ක ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට ද රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට තීරණය කරනු ලැබුවා.

එසේම අක්කරයට අඩු පර්චර්ස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ද ලබාදීමට තීරණය කළේ.

මෙම අතිරේක දීමනාවයි රාජ්‍ය සේවයේ නියුතු වුව ද ගුරු සේවයේ නියුතුවූවන්ට හිමි ගැන්වීම තාවකාලිකව අත්හිටුවා ඇති බවට අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරිවරයා නිකුත් කළ නිවේදනයට අනුකූලව දැක්වෙන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top