සති අන්තයේ ඔබත් සංචාරයේ නිරත වූවාද ? එසේ නම් මේ දැනුම්දීම ඔබටයි
Tuesday, 18 January 2022 - 16:34 | Views - 3,060

ගතවූ දීර්ඝ සතිඅන්තයේදී විනෝද චාරිකාවල සහ විවිධ සංචාරවල නිරතවූ පිරිස්වලට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
විනෝද චාරිකා ගිය පුද්ගලයෙකු හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකුට ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණයක් මතුවුවහොත් වහාම කොවිඩ් පරීක්ෂණයක් සිදුකරගන්නා ලෙසටයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්විවරයා පෙන්වා දුන්නේ ගතවූ දීර්ඝ සති අන්තයේදී ජනතාව ඒකාරාශීවීම් රැසක් නිරීක්ෂණය වූ බවයි.
මෙම තත්වයෙන් අනතුරුව රෝගීන්ගේ වැඩිවීමක් සිදුවිය හැකි බවයි ඔහු අනතුරු අඟවන්නේ.
මෙය පාලනය කර ගැනීම සඳහා සහ තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම වෙනුවෙන් මෙම පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
සුළුවෙන් හෝ උණ තත්වයක් දින කිහිපයක් පවතින්නේ නම් ඩෙංගු රෝගය ද මේ දිනවල පවතින බැවින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි ඔහු කියාසිටියේ.
ගෙවුණු දිනයේදීත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 690ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 597035ක් ලෙසයි.
මේ අතර උත්සව සමය තුළ විනෝද චාරිකා යෑමේදී සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්වලට අනුකූලව කටයුතු කරන ලෙසටයි සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දෙන්නේ.
මේ අතර වර්ධන එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් ඔමික්‍රොන් ප්‍රභේදය උදාසීන කළ හැකි බව අමෙරිකාවේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයෙකුගෙන් තවත් ආසාදිතයෙකුට පැතිරීමට ගත වන්නේ දින 2ක් වැනි කෙටි කාලයක්.
මේ හේතුව නිසා හැකි ඉක්මනින් කොවිඩ් මර්දන එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාගැනීමට වග බලාගන්නා ලෙසයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
මේ අතර, ඔමික්‍රෝන් ප්‍රභේදය මර්දනය කිරීමේ එන්නතක් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.
ජෙනෝවා නම් ඖෂධ නිෂ්පාදන ආයතනය විසින් නිෂ්පාදනය කරමින් පවතින මෙම එන්නත ඉදිරි මාස 2ක ඇතුළත නිම කළ හැකි බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ නිවේදනය කර ඇත්තේ.
Share This Article