ප්‍රියන්ත කුමාරගේ බිරිඳට දෙකෝටි හතලිස් ලක්ෂයකට ආසන්න මුදලක්
Tuesday, 18 January 2022 - 15:09 | Views - 948

පකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර වෙනුවෙන් එරට ව්‍යාරික ප්‍රජාව සහ ඔහු සේවය කළ කර්මාන්ත ශාලාවේ මාසික වැටුප ද සහිතව ඩොලර් ලක්ෂයක මුදලක් බිරිඳගේ ගිණුම වෙත යොමුකර තිබෙනවා.පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුප සෑම මාසයකදීම ඔහුගේ බිරිඳට යැවීමට සමාගමේ බලධාරීන් එකඟතාව පළකර ඇති බවයි.මෙම මුදල මෙරට වටිනාකමින් රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයකට ආසන්නයි.ඔහු ඝාතනයට ලක්වන විට සියල්කොට් නුවර Rajco Industries සමාගමේ කළමණාකරු වශයෙන් සේවය කරමින් සිටියා.ඝාතනයෙන් පසු පළමු වැටුප ඊයේ දිනයේ අදාළ සමාගම විසින් ප්‍රියන්ත කුමාරගේ බිරිඳ වෙත යොමුකර තිබෙනවා.ශ්‍රී ලංකාවේ සිටින ඇයගේ ගිණුමට ඊයේ දිනයේ ඩොලර් 100,000ක මුදලක් යොමු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.ඊට ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුප වන ඩොලර් 1667ද ඇතුලත්.සියල්කොට් හි ව්‍යාපාරික ප්‍රජාව මියගිය ප්‍රියන්ත කුමාර වෙනුවෙන් ඩොලර් 100,000ක් රැස් කර ඇති අතර එය, ඔහුගේ වැටුප ද සමග බිරිඳට යවන බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිවේදනය කර තිබෙනවා.සියල්කොට් ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර පසුගිය දෙසැම්බර් මාසයේදී ඝාතනය කරනු ලැබුවා.සියල්කොට් හි වසිරාබාද් පාරේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර තිබුණේ සේවකයන් විසින් අලවා තිබූ පෝස්ටරයක් ගලවා ඉවත් කළ බවට චෝදනා කරමින්.කලහකාරීන් පිරිස කර්මාන්ත ශාලාවට ද ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.මෙම ම්ලේච්ඡ ඝාතනය, පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මෙන්ම හමුදාවේ ඉහළ නායකත්වයේ ද දැඩි හෙළා දැකීමට ලක්වුණා.සිද්ධියට අදාළව ප්‍රධාන විත්තිකරුවන් ලෙස හැඳින්වෙන දෙදෙනකු ඇතුළු සැකකරුවන් 100කට අධික ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.පන්ජාබ් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ පොලිසිය සැකකරුවන් සම්බන්ධයෙන් නඩුවක් ගොනුකර ඇති බවයි.

Share This Article