විදේශිකයන්ට පමණක් වෙන් කෙරුණු සංචාරක නිකේතනවලට වැඩ වරදී
Tuesday, 18 January 2022 - 13:28 | Views - 559
විදේශිකයින්ට පමණයි (foreigners only) යනුවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කරමින් දේශීය සංචාරකයින් හට සේවාවන් ලබා නො දෙන සංචාරක නිකේතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කරන්නේ, සෑම පුද්ගලයකුට ම සමාන අයිතිවාසිකම් ඇති බවට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බවයි.

එබැවින් යම් කිසි පුද්ගලයෙක් ජාතිය, වර්ණය, ආගම හෝ එවැනි වූ වෙනත් කාරණයක් මුල්කරගෙන අසමාන වූ සැලකීමකට ලක් විය නො හැකි බවට යි ඔවුන් අවධාරණය කරන්නේ.

එබැවින් විදේශිකයන්ට පමණයි යනුවෙන් කාණ්ඩ කිරීමකට ලක් කර සංචාරකයින් සඳහා සේවාවන් සැපයීමෙන් වළකින ලෙස ඔවුන් සෑම සංචාරක නිකේතනයකින් ම ඉල්ලා සිටිනවා.

පසුගිය සමයේ කෝවිඩ් -19 හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට බරපතළ බලපෑම් එල්ල වී තිබූ කාල සීමාව තුළ දී සංංචාරක හෝටල් සහ එම කර්මාන්තය යම් තරමකින් හෝ ආරක්ෂා වූයේ දේශීය සංචාරකයින් විසින් එම කර්මාන්ත ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වය නිසා බව සිහි ගන්වන සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඔවුන්ට ඒ සඳහා කර්මාන්තයේ නියැලෙන්නන් විසින් ප්‍රති උපකාර කළ යුතු කාලය එළඹී ඇති බවයි.

එමෙන්ම දේශීය සංචාරකයින් වෙත ද යම්කිසි පණිවිඩයක් නිකුත් කරන සංචාරක සංවර්ධන අධිකාරිය මෙම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ සංචාරක නිකේතන තුළ ක්‍රියාත්මක වන නීති රීති සහ එහි ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට දේශීය සංචාරකයින් ද වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top