විදුලියෙන් ධාවනය වන වාහනවලට ප්‍රමුඛතාව මෙහෙමයි
Tuesday, 18 January 2022 - 11:20 | Views - 1,978
ඉදිරියේදී වාහන ආනයනයට අවසර ලබාදීමේදී විදුලියෙන් ධාවනය වන වාහනවලට ප්‍රමුඛතාව ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

9 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භයේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනුයි ඔහු මේබව කියාසිටියේ.

විදේශ විනිමය ගැටලුවක් ඇතිවන බවට කලින්ම දැනුවත් වීම හේතුවෙන් වාහන ආනයනය තාවකාලිකව නතර කිරීම මෙන්ම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීමෙන් වැළකීම වැනි ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට සිදුවු බව ජනාධිපතිවරයා ප්‍රකාශකළා.

ඒ අනුව වාහන සඳහා විදුලිය සැපයීමේදී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයට සැලසුම් කළ යුතු බව ද ඔහු සඳහන් කළා.

මානව හිමිකම් සම්බන්ධව ගෙන ගිය විවිධ වැරදි මත නිවැරදි කිරිමට පියවර ගන්නා බව ද 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

පෙරවරු 10ට 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රධානත්වයෙන් ආරම්භ වු අතර එහිදි රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පටු දේශපාන අවශ්‍යතා මත ජනතා උසි ගැන්වීම් නතර කරන ලෙසට දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top