ජනපති ප්රධානත්වයෙන් 2022 පාර්ලිමේන්තුව ඇරඹෙයි (Video)
Tuesday, 18 January 2022 - 10:09 | Views - 424
9 වැනි පාර්ලිමේන්තුවේ 02 වැනි සැසිවාරයේ සමාරම්භක කටයුතු මේ වනවිට (18) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු කෙරෙමින් පවතිනවා.
මෙම වසරේ මංගල සැසිය ආරම්භ කිරීමට ප්රථමයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ කථානායක මහින්ද යාපා අබේවර්ධනයි.
ඉන්පසුව මෙරට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂගේ පැමිණීම සිදු වුණා.
පාර්ලිමේන්තු සම්ප්රදායට අනුකූලව ඉන් පසුව පැමිණියේ දේශපාලන විධායකය හෙවත් මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි.
ඒ අනුව අද දින මංගල සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මෙම වසරේ නව වැඩපිළිවෙළ පිළිබඳ ඉදිරිපත් කෙරෙනු ඇති.
Share This Article