ඉංජිනේරුවරුන් අදත් ලෙඩ වෙයි
Tuesday, 18 January 2022 - 8:28 | Views - 1,034
සැලසුම් කළ පරිදි අසනීප නිවාඩු වාර්තා කරමින් අද (18) සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.
ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයාගේ පත්වීමට විරෝධය පළ කරමින්.
ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊට සමගාමීව පෙරවරු 10ට විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක ද නිරත වන බවයි.
මේ අතර, විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය දැවි තෙල් පවතින්නේ අද (18) දිනය දක්වා පමණක් බව ද විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දුන්නා.
මෙවන් පසුබිමක් තුළ ඉදිරි දින සඳහා විදුලිබල මණ්ඩලය වෙත ඩීසල් තොග ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන සමග අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ කියා සිටියේ.
Share This Article