මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ කුරුණෑගල කොටස ජනතා අයිතියට
Saturday, 15 January 2022 - 18:41 | Views - 474
මධ්‍යම අධිවේගයේ ඇතුගල්පුර පිවිසුම ජනපති හා අගමැති අතින් ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම සහ කුරුණෑගල දක්වා වන දෙවන අදියරේ කොටස වූ ඇතුගල්පුර පිවිසුම අද ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

අධිවේගී මාර්ගය විවෘත කළ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙන්ම සෙසු මැති ඇමතිවරුන් මේ වනවිට මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටිනවා.


මෙම කොටසේ මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල පිවිසුම් ඉදිකර තිබෙනවා.

මීරිගම සහ කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කිලෝමීටර් 41කට ආසන්නයි.

පාරිසරික සහ සමාජයීය බලපෑම් අවම වන පරිදි ඉදිකළ මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මඟ හරිමින් හිස් ඉඩම් හරහා ඉදිකර තිබෙනවා.

මංතීරු 4 ක් යටතේ ඉදිකළ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙසට යි හඳුනාගෙන ඇත්තේ.

දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ගය ඉදිකර ඇති බවයි මහාමාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 149ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top