ලිට්ට්‍රෝ සභාපති පුටුව නැවතත් තෙෂාරට?
Thursday, 13 January 2022 - 15:14 | Views - 479
අද උදෑසන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කෙරුණු තෙෂාර ජයසිංහ නැවතත් එම ධුරයට පත් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.
ඒ මුතුරාජවෙල මාබිම ලිට්රෝ අංගනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ සිදුකළ හදිසි නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුවයි.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසී තිබෙනවා.
එහිදී මේ තනතුරු මාරුව සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන් නිසි අයුරින් දැනුවත් කර නොමැති බවයි.
ඒ අනුව නැවතත් තෙෂාර ජයසිංහ වෙත සභාපති ධුරය පවරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව මේ වන විට අදාළ පත්වීම අවලංගු කිරීමේ ලිපිය මුදල් අමාත්‍යාංශයේ සැකසෙමින් පවතින බවත් වාර්තා වනවා.
Share This Article