ලිට්ට්‍රෝ සභාපති පුටුව නැවතත් තෙෂාරට?
Thursday, 13 January 2022 - 15:14 | Views - 480
අද උදෑසන ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කෙරුණු තෙෂාර ජයසිංහ නැවතත් එම ධුරයට පත් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ මුතුරාජවෙල මාබිම ලිට්‍රෝ අංගනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ සිදුකළ හදිසි නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුවයි.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසී තිබෙනවා.

එහිදී මේ තනතුරු මාරුව සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන් නිසි අයුරින් දැනුවත් කර නොමැති බවයි.

ඒ අනුව නැවතත් තෙෂාර ජයසිංහ වෙත සභාපති ධුරය පවරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වන විට අදාළ පත්වීම අවලංගු කිරීමේ ලිපිය මුදල් අමාත්‍යාංශයේ සැකසෙමින් පවතින බවත් වාර්තා වනවා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top