දකුණු අප්‍රිකාවේ අධිවේගී මාර්ගයක අනතුරක් -17 ක් ජිවිතක්ෂයට
Thursday, 13 January 2022 - 14:12 | Views - 2,259
දකුණු අප්‍රිකාවේ ඊසානදිග ලිම්පෝපෝ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදු වූ අනතුරකින් 17 දෙනෙකු පිළිස්සී මියගොස් තිබෙනවා.
බස් රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර ජීප් රථයේ ටයරයක් පුපුරා යාම අනතුරට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 22 නෙකු ගමන් ගෙන ඇති අතර, ඉන් 17 දෙනෙකු පිළිස්සීමෙන් මිය ගොස් තිබෙනවා. තවත් 8 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
Share This Article