බලු තඩියාගේ කුරුමානමෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න
Thursday, 13 January 2022 - 11:10 | Views - 451
නිවසක සුරතලයට ඇති කරන සුනඛයන් දෙදෙනෙකු නිසා ඉකුත් 09 දා රාත්‍රියේ හට ගත් ආරවුලක් හේතුවෙන් දෙදෙනෙකු රත්නපුර රෝහලටත් තවත් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් විමේ සිදු විමක් රක්වාන පොලිසියෙන් වාර්තා වෙනවා.

රක්වාන, පන්සල්ගොඩ ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ පිහිටි නිවසක සුරතලයට ඇති කරන සුනඛයන් දෙදෙනෙකු තමන් ඇතුළු ගම්වාසින් මාර්ගයේ ගමන් කිරිමේදි නිතරම බුරාගෙන පැමිණෙන බවත් ඒ හේතුවෙන් පාසල් දරුවන් ඇතුළු පිරිසක් මහත් භිතියට පත්වන බව පවසා අසල්වැසි තරුණයෙකු නිවැසියන් සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවද පොලිසිය පවසනවා. 
 
එහිදි දෙපිරිස අතර ගැටුමක් ඇතිවි ඇති බවත් සුනඛකයන් අයිති තරුණයා සහ අසල් වැසි තරුණයා අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත්, ඇතිවු ගැටුමින් අසල්වැසි තරුණයාගේ ගෙල ප්‍රදේශයට යමි උල් උපකරණයකින් ඇනීම හේතුවෙන් දැඩිලෙස තුවාල සිදු වි ඇති බවත් ගැටුමට සම්බන්ධ වු නිවෙස් හිමි තරුණයාද කැපුමි තුවාල ලබා ඇති බවද පොලිසිය පැවසිය. 
 
සිද්ධියෙන් සිදු වු තුවාල හේතුවෙන් දෙදෙනෙකු රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබන අතර ගැටුම සම්බන්ධයෙන් සැකපිට පාසල් ශිෂ්‍යයෙකු සමඟ ත්‍රිවිල් රථ රියදුරෙකු ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top