ගෝලීය ආසාදිතයින් තිස් ලක්ෂය ඉක්මවයි
Thursday, 13 January 2022 - 9:59 | Views - 1,113
දින 45 කට පෙර නරියෙකුගේ සපා කෑමට ලක් වූ කාන්තාවක කළුතර, නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල, වලතර වෙදගොඩලන්ද, කොස්ගහවත්ත සුසාන භූමි රක්ෂිතයේ ඉටි කොළවලින් ආවරණය කරන ලද කුඩා පැල්පතක පදිංචිව සිටි 54 හැවිරිදි දෙදරු මවක්. 
 
මීට දින 45කට පමණ ඉහතදී මධ්‍යම රාත්‍රියේ පැල්පත වටා ආවරණය කරන ලද ඉටි කොළ අතරින් පැල්පතට කඩා වැදුණු නරියෙකු විසින් පැදුරක් මත නිදා සිටි අදාළ කාන්තාවගේ පාද දෙකෙහි විළුඹ ප්‍රදේශය සපා කා තිබෙනවා. 
 
කෙසේ වෙතත්, ඊට නිසි අයුරින් ප්‍රතිකාර කර නොතිබූ බව වෛද්‍ය තමර කළුබෝවිල පවසනවා. 
 
ඔහු සඳහන් කළේ, අනතුරුව ඉකුත් 9 වන දා ඇයට ජලභීතිකා රෝග ලක්ෂණ පහළ වී ඇති අතර ඇයගේ පුතුන් දෙදෙනා විසින් ඇය කළුතර, නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඊට පසු දින ම ඇය මියගොස් තිබුණු බවයි. 
 
ඒ අනුව බේරුවල, වලතර වෙදගොඩ ප්‍රදේශයේදී නරියෙකුගේ හෝ සුනඛයෙකුගේ සපා කෑමට ලක් වූ අය වෙතොත් නොපමාව එන්නත් ලබා ගන්නා ලෙස ත් නිවසේ සුරතලයට ඇති කරන සුනඛයන් වෙතොත් එම සතුන්ට ද වහා එන්නත්කරණය සිදු කර ගන්නා ලෙස ත් වෛද්‍ය තමර කළුබෝවිල පවසනවා.
 
මියගිය කාන්තාවගේ පුතෙකු සිද්ධිය විස්තර කරමින් මෙසේ පැවසීය.
 
 "මමයි අම්මයි, විවාහ වෙලා ඉන්න අයියයි එයාගේ නෝනයි දරුවයි අපි සියලු දෙනා ම පදිංචිවෙලා ඉන්නේ කොස්ගහවත්ත සුසාන භූමියේ රක්ෂිතයේ ඉටි කොළවලින් පැලක් අටවා ගෙන. මීට දින 45 කට විතර පෙර, අපි සියලු දෙනා ම නිදාගෙනයි හිටියේ. රාත්‍රියේදී අම්මා, පුතේ කෑවෝ! කෑවෝ! කියලා කෑ ගැහුවා. මම කුප්පි ලාම්පුවේ එළියෙන් දැක්කා විශාල නරියෙක් පැල්පත ඇතුළට ඇවිල්ලා අම්මගෙ කකුල හපනවා, ඇදගෙන යන්න උත්සහ කරනවා. මට හිතා ගන්න බැරි වුණා මොක ද කරන්නේ කියලා. ළඟ තිබ්බ හිරමනෙන් මම නරියාට ගැහුවා. ඊට පස්සේ නරියා පැල්පතෙන් පිටතට දුවලා ගියා. අම්මගේ කකුල් දෙකෙන් ම ලේ ආවා. අම්මා එච්චර ගණන් ගත්තේ නෑ. ''මට අමාරු නෑ පුතේ,'' කියලා කිව්වා. පස්සේ දවසේ මම අම්මත් එක්ක බේරුවල රෝහලට ගියා. කොරෝනා හින්දා රෝගියා පමණයි ඇතුළට ගන්නේ. අම්මා බෙහෙතුත් අරගෙන ආවා. නමුත් නරියෙක් කාපු බව කියලා නෑ. ටික දවසක් යනකොට අම්මගේ කකුල් දෙකේ ම තුවාල සනීප වුණා. එහෙම ඉන්න අතරේ, මීට දවස් දෙක තුනකට ඉහතදී අම්මා එකපාර ම ගැහෙන්න පටන් ගත්තා. තොල් දෙක පැත්තකට ගියා. එයාව අල්ලන්නවත් දෙන්නෙ නැහැ අපිට. එයාට වතුර ගිලින්නවත් බැහැ කියලා කියනවා. ඒත් අම්මා කිව්වා පුතේ, මගේ පණ හයියයි කියලා. පස්සේ මමයි අයියයි අම්මව කළුතර නාගොඩ මහ රෝහලට රැගෙන ඇවිල්ලා විස්තරය කිව්වා දොස්තර මහත්තුරුන්ට. ඒත් අපේ අම්මා අපිව දාලා ගියා." 

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර නාගොඩ මහ රෝහලේ දී රෝහලේදී සිදු කිරීමට නියමිත ය. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top