පාර්ලිමේන්තුවේ විශේෂ පෙරහුරුව අද
Thursday, 13 January 2022 - 9:15 | Views - 365
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (13) පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා.
එම උත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෙම පෙරහුරුව පවත්වන බවයි ඔහු කියා සිටියේ.
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබන 18 වැනිදා විවෘත කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයා ඉදිරිපත් කරන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා.
ඒ අනුව ලබන 19 සහ 20 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වෙනු ඇති.
Share This Article