මෙරටින් ඊයේ කොරෝනා ආසාදිතයින් 653 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ 93,725 දක්වා ඉහළ ගියා.
නව මරණ 14 ක් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වුණේ 15,163ක් ලෙසයි.
ලොව පුරා රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තුන්වන ස්ථානයට මේ වනවිට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.
නාගරික සංවර්ධන අධිකාරියේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ උපරිම එන්නත්කරණය තුළින් රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බවයි.
එමෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ කියා සිටියේ පාසල් ළමයින් ද ඇතුළු වැඩිහිටියන් නියමිත එන්නත් මාත්‍රා ලබා ගැනීමට බිය නොවිය යුතු බවයි.
මේ අතර ගත වූ පැය 24 ලොව පුරා කොරෝනා ආසාදිතයින් 30 ලක්ෂ හතළිස් දෙදහස් 278ක් වාර්තා වී තිබෙනවා.
ඊයේ (12) දිනයේ ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 7 ලක්ෂ 46 දහස් 714ක්.
එමෙන්ම මරණ 2198ක් ද එරටින් වාර්තා වුණා.
ප්‍රංශයෙන් ආසාදිතයින් 3 ලක්ෂ 61 දහස් 719ක් සහ අසල්වැසි ඉන්දියාවෙන් ආසාදිතයින් දෙලක්ෂ 41 දහස් 976ක් වාර්තා වනවා. ඊට අමතරව බ්‍රිතාන්‍ය, ඉතාලිය සහ ස්පාඤ්ඤයෙන් ද ලක්ෂය ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් සටහන් වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.