තෙෂාරට හිටපු ලිට්‍රෝ සභාපතිගෙන් උපදෙසක් !
Wednesday, 12 January 2022 - 15:52 | Views - 363
දිවයින පුරා පුපුරා යන ගෑස් සම්බන්ධ සිදුවීම්වලට වගකිවයුතු වන්නේ වර්තමාන ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ බව එම සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, වත්මන් ලිට්‍රෝ සභාපතිවරයාගේ නොහැකියාව සහ නොදැනුවත්කම නිරන්තරයෙන් ම ඔහු ප්‍රදර්ශනය කරමින් සිටින බවයි.

එලෙස හැඟීමට ප්‍රධානතම හේතුවක් ලෙස හිටපු සභාපතිවරයා කියා සිටින්නේ, වගකිවයුතු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක ප්‍රධානියකුගේ කාර්යභාරය නිසියාකාරව තේරුම් ගත්තේ නම්, වසර 150 ක කීර්තිමත් ඉතිහාසයක් ඇති වර්තමාන ලිට්‍රෝ සමාගම සම්බන්ධයෙන් මෙතරම් අප්‍රසාදයක් සහ අවිශ්වාසයක් ජනතාව තුළ ගොඩනැගෙන ආකාරයෙන් කිසිදිනක කටයුතු සිදු නොවන බවයි.

මෙවන් තත්ත්ව්යක් තුළ හිටපු සභාපතිවරයා විසින් වත්මන් සභාපති තෙෂාර ජයසිංහ වෙත චෝදනා කර සිටින්නේ, ඔහුගේ වෘත්තීමය ක්‍රියා කලාපය තුළ වත්මන් ජනාධිපතිවරයා, ආණ්ඩුව සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත රජයම අපහසුවට පත්ව ඇති බවයි.

තෙෂාර ජයසිංහ සභාපතිවරයා ආයතනය තුළ සභාපති ලෙස රැඳෙමින්, විශාල ලාබ ඉපැයූ සමාගමක් ජනතාවගේ විවේචනයට සහ අවිශ්වාස්‍ය ගොඩනැගෙන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් ඔහු ධුරයට පත් වූ දා සිට පසුගිය සය මාසයක් තුළ පාරිභෝගිකයාට හෝ රජයට වාසිදායක මෙන්ම සාධනීය කිසිම දෙයක් ඉටු නොකිරීමෙන් ඔහුගේ ඇති පරිපාලන දුර්වලතාව ද මැනවින් මේ වනවිට ඔප්පු වී ඇති බව ද ෆේස්බුක් හි තැබූ සටහන මගින් පෙන්වා දෙනවා.

දිවංගත හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර විසින් ඔහුගේ ධුර කාලය තුල දී ලිට්‍රෝ සමාගම එල්. පී.ජී ගෑස් මිල දී ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2019 ජුලි මාසයේ දී නිසි අයුරින් ආරම්භ කළ බව ද මතක් කර සිටිනවා.

එම ක්‍රියාවලිය රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා විනිවිදභාවයෙන් යුක්ත අමාත්‍ය මණ්ඩලයක් පත්කොට, ප්‍රසම්පාදන කමිටුව විසින් තීරණය කිරීමකට ද ලක්ව, අවසානයේ අභියාචනා කමිටුවට ද ඉදිරිපත් කොට, 2020 ජනවාරි 30 වැනි දින වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කරනු ලැබූ බව ද හිටපු සභාපති අනිල් කොස්වත්ත වැඩිදුරටත් සිය සටහන මගින් සඳහන් කරනවා.

ආණ්ඩු දෙකක් මගින් ප්‍රසම්පාදන කටයුතු සිදු කොට තීරණය කළ ටෙන්ඩරය සිය පාලන කාලය භාරගෙන සතියක් තුළ ක්‍රියාත්මක කළ බවත්, එහි කොන්දේසි වෙනස් කොට හෝ සංශෝධනය කර ඇත්නම්, ඒ ගැන දෙනු ලබන ඕනෑම දඬුවමකට යටත් වීමට ද තමා සූදානම් බවත් හිටපු ලිටෝ සමාගමේ සභාපතිවරයා පවසනවා.

එහෙත් නිසියාකාරව කරුණු හදාරා අවබෝධ නොකොට, වගකීම් විරහිතව පසුගිය කාලය සම්බන්ධයෙන් සහ පුද්ගලිකව මා සම්බන්ධයෙන් තෙෂාර ජයසිංහ සභාපතිවරයා එල්ල කරනු ලබන චෝදානා ඉතා වගකිමෙන් බැහැර කරන බව සඳහන් කරන අනිල් කොස්තා හිටපු සභාපතිවරයා පෙන්වා දෙන්නේ, තමන් සභාපති ධුරයේ සිටි වසර එකහමාරක කාලය පමණක් නොව, ඊට පෙර සිටි පාලනාධිකාරියේ ද වගකීම තමන් භාර ගන්නා බවයි.

මෙවන් පසුබිමක තමන් යළිත් වරක් වත්මන් ලිටෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහගෙන් ඉල්ලා සිටින්නේ, පසුගිය කාලවකවානුව තුළ සිය බල අධිකාරිය තුළ සමාගම සම්බන්ධයෙන් යම් රුපියලක හෝ වංචාවක්, දූෂණයක් සිදුව ඇත්නම්, තරාතිරම නොබලා ඔහු/ හෝ ඇයට නීතියට හසුකර දීම ඔහුට පහසු බවත්, ඊට වඩා එය ඔහුගේ ධුරයට පැවරී ඇති වගකීමක් බවයි.

එසේ නොමැතිව තම නොහැකියාව වසන් කර ගැනීමට වෙනත් පාර්ශ්වයන්ගේ නාම ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීම යුක්තිගරුක පරිපාලකයෙකුගේ ලක්ෂණයක් නොවන බව ද හිටපු සභාපති අනිල් කොස්වත්ත සිය ෆේස්බුක් හි දීර්ඝ සටහනක් තබමින් සඳහන් කරනවා.

මේ අතර ආනයනික එල්.පී. ගෑස්, සිලින්ඩර හා ඊට සම්බන්ධ රෙගියුලේටර්, වෑල්, බට නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැවරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඊට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්සන් කර ඇති අතර, ඒ අනුව මින් ඉදිරියට එල්.පී ගෑස් ඇතුළු ඊට සම්බන්ධ රෙගියුලේටර්, වෑල්, බට ආනයනය කිරීමේදී ප්‍රමිති ආයතනයේ පරීක්ෂාවට ලක් කර අනුමැතිය ලබා ගත යුතු වනු ඇති. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top