වගා කිරීමේ වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස්
Wednesday, 12 January 2022 - 14:57 | Views - 702
ආහාර හිගයක් සම්බන්ධයෙන් විවිධ පාර්ශව අනතුරු අඟවා ඇති මොහොතක වගා නො කළ සියලු ඉඩම්වල ආහාර භෝග වගා කිරීමේ ගෙවතු වගා වැඩපිළිවෙලක් ආරම්භ කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊට අදාළ උපදෙස් පෙරේ දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ලබාදුන් බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ.

මේ අතර, අම්පාර - ත්‍රිකුණාමලය ඇතුළු තවත් දිස්ත්‍රික්ක 4ක ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන 45කට කෘෂි යන්ත්‍රෝපකරණ බෙදා දීම ආරම්භ කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 65ක්.

අස්වනු නෙලන යන්ත්‍ර, ට්‍රැක්ටර් ඇතුළු තවත් යන්ත්‍ර මේ යටතේ බෙදාදීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top