පාස්කු ප්‍රහාරය දින 1000 ආසන්නයේ ! සාධාරණය ඉල්ලූ අරගලය ඉදිරියටත්
Wednesday, 12 January 2022 - 14:16 | Views - 326
මීට අවුරුදු 03කට පෙර මෙරට ඉතිහාසයේ සිදු වූ ඛේදනීයම සහ අනුවේදනීයම පුවත වාර්තා වන්නට ගත වූයේ ඇහිපිල්ලමක් පියවීමට වඩා අඩු කාල පරාසයක්.

හුස්ම ගන්නා ජීවිත 207කට අධික ප්‍රමාණයක් ද තවත් 450කට බරපතළ තුවාල සිදු කරමින් සහ සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වන්නට ගත වූයේ ද නිමේෂයක්.

2019 වර්ෂයේ බක්මහේ හෝරාව ගෙවී සුමානයක් නික්මෙන්නට පෙර, එනම් අප්‍රේල් මස 21 වැනිදින මනුෂ්‍යත්වයට ප්‍රේම කිරීමට ඉගැන්වූ ශාස්තෘවරයාණන් නැතහොත් ක්‍රි.ව. 6 දී දේවදූතයන් රැගෙන ආ පණිවිඩයේ සඳහන් වන ‘‘ස්වාමින් වන ක්‍රිස්තුන් නම් ගැලවුම්කාරයාණන් දාවිත් නුවර අද උපන්නේය" යනුවෙන්.

ඒ සුවිශේෂි දවස වනාහි ක්‍රිස්තුන් වහන්සේගේ ජන්මෝත්ස්වය සිදු වූ දිනය වීම‍යි.

මෙවන් උතුම් දිනක ලොවට ප්‍රේමය දායාද කළ සිය ශාස්තෘවරයාණන් සිහි කිරීම වෙනුවෙන් උන්වහන්සේගේ දූ පුතුන් දහස් ගණනින් දිවයිනේ නන් දෙසින් විවිධ කිතුණු දිව්‍ය මන්දිර වෙත පිය නැගුවේ, ස්නේහයට ද ආරාධනා කරමින්.

දෙවියන් වහන්සේට ඇති ළෙංගතුකමින් උන්වහන්සේගේ දරුවන් හිමිදිරියේ දෙව් මැඳුරේ සිට දේව ගුණ ගයමින්, ගීතිකා ගායනා කළ අතර, සිය ශාස්තෘවරයාණන්ගේ ගුණ සිහි කිරීම ද සිදු කළේ හදවතේ පුරවා ගත් භක්තිය ද සමගින්.

එහෙත් රුදුරු යක්ෂයා හෙවත් සාතන්ගේ කැඳවීම මෙන්ම ඇල්ම බැල්ම වැටෙන්නට ගත වන බවක් හෝ කිසිම නිච්චියක් ඒ ගැන නොදත් කුඩා දරුවන් ද වෛවර්ණිත ඉටිපන්දම් එළි අස්සෙන් දෙවියන් වහන්සේ දෙස බලා සිටියේ අසීමිත ආදරයෙන්.

මෙවන් වටපිටාවක පාපයේ ඇත්තවුන් පමණක් දැන සිටි, ලොවම නො දැන සිටි කිසියම් කුමන්ත්‍රණකාරී සහ භීෂණකාරී අපරාධමය සිදුවීම් දාමයක් ක්‍රියාත්මක වෙමින් තිබුණි.

සූර්යයා නැගි හෝරා එකිනෙක ගෙවෙන්නට පෙර, හරියටම උදෑසන 8 පසු වී විනාඩි කටුව 45 වන විට දිවයිනේ පිහිටා ඇති ප්‍රධාන කතෝලික දේවස්ථාන සහ සුපිරි පෙළේ හෝටල් දෙකකට ද අවාසනාවේ සහ සාතන්ගේ කාල හෝරාව එළඹිණි.

දේව ගීතිකා සහ ආසිරි වැස්සෙන් හිමිදිරියේ සිට ගුවනත දෝවනය කළ දේව මැඳුරු තුළින් ඉන් මොහොතකට පසුව ඇසෙන්නට වූයේ මරණයේ වේදනාවයි.

යක්ෂයාගේ රුදුරු දෙඅත් මැදට සිර වී හුස්ම යදින අහිංසක මිනිසුන් ය.

එදින රටේ ප්‍රධාන පුවත් සිරස්තල වූයේ "පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය " ලෙසිනි.

කෙසේවෙතත්, හෝරාවක් ගෙවෙන්නට පෙර යක්ෂයාගේ බිල්ලට හසු වූ මිනිස් ජීවිත ගණනවත් හරි හැටි තේරුම් ගන්නට නොහැකි තරම් පින්බිමක් වූ කිතුණු දේව මන්දිරවල පොළොව පුපුරා, දෙවියන් ඉදිරියේ රක්ත වර්ණිත ලේ විල් මැද සැතපී, නිහඬ වූ අහිංසක මිනිසුන් ය.

මෙවන් ඛේදජනක සමූල ඝාතනයක් 30 අවුරුදු කුරුරි යුද්ධයකින් පසුව සිදු නොවුණු අතර, කම්පිත ව සිටි වැසියන් සිය ජීවිත දෙවියන් ඉදිරියේ යදින්නට පටන් ගත් අයුරු කැමරා ඇසෙහි ද සටහන් වුණු අයුරු පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව දේවස්ථානවල නිරන්තරයෙන් දකින්න හැකි විය.

වගකිව යුත්තන් නිහඬ ව සිටිමින්, පාපතරයින් නීතියෙ දෙවඟන අබියසට රැගෙන එනවා යැයි අසරණ ජනතාවට පොරොන්දු සිය දහස් ගණනින් දුන්න ද සමූල ඝාතනය සිදු වී දින 1000ක් මෙම මස 14 වැනි දිනට සපිරෙද්දී, ඒ පොරොන්දු යථාර්ථයක් වේ යැයි සිහිනෙන්වත් සිතිය හැකි ද ?

බලධාරින්ට ද මෙම පාපතර ක්‍රියාව ඝාතකයින්ට මෙන්ම සුළු කොට තකන කරුණක් වූවා දැයි සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ම මේ වනවිට පැන නැගි ඇති ගැටලුවක්.

දෙවියන් ඉදිරියේ දී ඝාතකයින් විසින් සාතන් නමැති යක්ෂයාට බිලි පූජා ලෙසින් පුද දුන්නේ නිර්දෝෂිකයන් ය. දේශපාලන බලය තර කරගැනීම සඳහා උකසට තැබුවේ අසරණ මිනිසුන් ය.

එය වුවමනා වූවන්ට ලැබිය යුතු භෞතික ලාබ එදින ලැබෙන්නට ඇත.

එහෙත් එදින ලක්මවට අහිමු වූයේ ඇයගේ කුසින් උපන් දරුවන් ය.

ආදරණීය තම ලෙයින් උපන් දරුවන් අහිමි වූයේ මව්පියන්ට ය. දරුවන්ට නැති වූයේ තම දෙමව්පියන් ය. සහෝදරයින්ට තම සහෝදර සහෝදරයින් ද ඥාතීන්ට තම ඥාතීන් ද හිතවතුන්ට තම හිතවතුන් ද අහිමි වූයේ 2019 අප්‍රේල් 21 වැනි භීෂණය පිරි දිනය.

තවමත් නිසි සාධාරණත්වයක් තම ඥාතීන් අහිමි වූවන් වෙනුවෙන් හෝ ශ්‍රී ලංකා ධරණිතලයෙහි නාමයෙන් හෝ මේ වනතෙක් සිදුව නැත.

තුන් වසරක් පුරා දින දහසක් ගතවන තුරු නීතිය ඉදිරියේ දෙපසට ඇඳෙන කඹයක් කොටස්කරුවෙකු මෙන් පාස්කු ඝාතකයින්ට දඬුවම් ලැබී නැත.

මෙතෙක් කලක් ඒ වින්දිතයන් සඳහා සෑහීමට පත් විය හැකි තරමට සාධාරණත්වයක් ඉටු නොවීම වෙනුවෙනුත්, රටේ මේ වන විට ජනතාව අතිශයින් පීඩා විඳින්නා වූ සාමාජීය, ආර්ථික ප්‍රශ්න වෙනුවෙනුත් දෙවියන් ඉදිරියේ යදින්නට ජාතික මට්ටමේ යාච්ඤා මෙහෙයක් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව විසින් ජනවාරි මස 14 වැනි දින සංවිධානය කර තිබේ.

එදින උදෑසන 10ට තේවත්ත බැසිලිකා දෙව් මැඳුරේ පාස්කු වින්දිතයින් උදෙසා සාධාරණත්වයේ හඬ අවදි වනු ඇති..! 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top