කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ ඇති වූ දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බැවින් අද (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
කෙසේවෙතත් ඊයේ (12) දිනයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවලට වරින්වර විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.
විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ, විදුලි බලාගාරවල නඩත්තු කටයුතු නිසි පරිදි , නිසි කලට සිදු නොවීම මත මෙවැනි විදුලි කප්පාදු කිරීම්වලට යොමු වීමට සිදුවන බවයි.
කෙසේවෙතත් විදුලි බල අමාත්‍යවරයා පෙරේදා (10) මාධ්‍ය වෙත සඳහන් කළේ, එදින විදුලි කප්පාදුවක් සිදු නොවන බවට තමන් වහකීමෙන් පවසන බවයි.
එහෙත් හාස්‍යජනක අයුරින් එදින පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදු කෙරුණේ, යළි යළිත් විදුලි බල අමාත්‍යවරයාගේ වචන විශ්වාස කිරීමට තෙවතාක් සිතන තැනට ජනතාව පත් කරමින්.