සහල් මිල ස්ථාවරත්වය - ඇමති බන්දුලට (Video)
Wednesday, 12 January 2022 - 10:22 | Views - 428
වෙළෙඳපොළ සහල් මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ඕනෑම පියවරක් ගන්නා ලෙසට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනට විශේෂ අවසරයක් ලබා දී තිබෙනවා.

සිංහල අලුත් අවුරුද්ද වන විට සහල් කිලෝවක් රුපියල් 300 දක්වා වැඩි වන බවට “සහල් වෙළෙඳපොළ මාෆියාව” විසින් මතවාදයක් ඇතිකර ඒ මතවාදය ස්ථාපිත කර පාරිභෝගික ජනතාව ඉතා විශාල ලෙස පීඩාවට පත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවට පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවින් එම තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමාට මෙසේ බලය දුන් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පෙරේදා (10 දා) රැස් වූ අවස්ථාවේ දී මෙම විශේෂ අවසරය තමාට ලබා දුන් බව යි ඊයේ (11 දා) පැවැති මාධ්‍ය හමුවක දී වෙළෙඳ ඇමැතිවරයා සඳහන් කළේ.

කුමන තත්ත්වයක් යටතේ වුවත් මෙම වසර පුරා නාඩු සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙනුත්, සුපිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 130ට අඩුවෙනුත් පවත්වාගෙන යන බවට සහතික වන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top