20 දා තෙක් විදුලිය කැපෙන බවට රමේෂ් පතිරණගෙන් ප්‍රකාශයක් (Video)
Wednesday, 12 January 2022 - 9:19 | Views - 308
බලාගාර ආශ්රිත ව සිදු වී ඇති ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ජනවාරි 20 වැනි දා තෙක් යම් යම් අවස්ථාවල දී විදුලිය බිඳවැටීමක් සිදු විය හැකි බවට කැබිනට් සම ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.
නොරොච්චෝල බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් අක්‍රිය වී ඇති බැවින් එය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා දින දහයක කාලයක් ගතවන බව ද අමාත්‍යවරයා අවධාරණය කරනවා.
Share This Article