ඉදිරි සති 6ත් 8ත් අතර කාලය තුළ යුරෝපයෙන් අඩකට ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය වැළදෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එහි වෛද්‍ය ආචාර්ය හාන්ස් ක්ලූගේ සඳහන් කළේ, මේ වසරේ පළමු සතියේ යුරෝපය පුරා වාර්තා වූ නව රෝගීන් මිලියන 7 මෙම ප්‍රක්ෂේපනයට පදනම වී ඇති බවයි.
ගතවූ පැය 24ට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 2,721,230ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම ඊයේ දිනයේ දී ඇමරිකාවෙන් දෛනික ආසාදිතයින් 629,389 වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2108ක් ලෙසයි.
එමෙන්ම ප්‍රංශයෙන් ආසාදිතයින් 368,149 ක් වාර්තා වී ඇති අතර, ඉතාලියේ ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 220532ක් ලෙස යි.
අසල්වැසි ඉන්දියාවෙන් ආසාදිතයින් 185112ක් වාර්තා වනවා.
මීට අමතරව බ්‍රිතාන්‍යයෙන් සහ ස්පාඤ්ඤයෙන් කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවා සටහන් වුණා.