සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් එන්නත් සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අතර ඊයේ (11) මෙරටින් කොරෝනා ආසාදිතයන් 623 දෙනෙකු හඳුනා ගත් අතර, පෙරේදා (10) සිදු වූ බවට තහවුරු කෙරුණු කොරෝනා මරණ සංඛ්‍යාව 15 ක්.
මේ මස 11 වනදා සිට 17 වනදා දක්වා එන්න්තකරණ සතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී කොරෝනා මර්දන එන්නත් පළමු, දෙවන හෝ තුන්වන මාත්‍රා ලබාගැනීමේ හැකියාව පවතිනවා.
එන්නත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන ඇතැම් කරුණු පිළිබඳව බියවිය යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළා.