යල කන්නයේ සිට ගොවීන්ට අවශ්‍ය පොහොර සම්පාදනය ක්‍රමවත්ව සිදු කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී උපදෙස් ලබාදී තිබෙනවා.
මේ මොහොතේ සිට ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසට යි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.
දැනට වගා කටයුතු සිදු කර ඇති මහ කන්නයට අවශ්‍ය පොහොර නො ලැබීම හේතුවෙන් කුඹුරු ගොවිතැන ඇතුළු අනෙකුත් වගාවන්ට බාධා එල්ල වී ඇති අතර, ගොවීන් ඒ පිළිබදව මෙලෙස චෝදනා කළා.
මේ අතර, ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් ද අවදානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.