පාණදුර සහ මොරටුවේ සිට පිටකොටුව දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
දුරගමන් සේවා බස් රථ ධාවකයන් සහ පානදුර - මොරටුව සිට කොළඹට බස් ධාවනය කරන පෞද්ගලික බස් රථ ධාවකයන් අතර ඇති වූ ගැටුමක් මීට හේතුව යි.
පෙරේ දා දිනයේ ඇති වූ මෙම ගැටුම සම්බන්ධයෙන් බස් රථ සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.