විදුලිය කපනවාද ? මණ්ඩලයෙන් විශේෂ තීන්දුවක්
Sunday, 09 January 2022 - 12:58 | Views - 535
පවතින අර්බුදය හමුවේ අවශ්‍ය ඉන්ධන නොලැබෙන්නේ නම්, පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් සිදු කිරීම කෙරෙහි විදුලිබල මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව කප්පාදුව සිදු කරන කාලසීමාව පිළිබඳව මේ වනවිටත් සාකච්ඡා සිදුකර ඇති අතර, ආරංචි මාර්ග සඳහන් කළේ උදෑසන 11 සිට පස්වරු හය දක්වා පැයක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිත බවයි.

ඊට අමතරව පස්වරු හයේ සිට 9 දක්වා කාලසීමාව තුළ විනාඩි 45 බැගින් අවස්ථා දෙකක දී විදුලිය කප්පාදු කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

යම් හෙයකින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබාදීම සිදු නොකළහොත් බොහෝදුරට ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකියි.

එසේම අද (09) සහ හෙට (10) දිනය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිබල මණඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ බලශක්ති අමාත්‍යාංශයට රුපියල් බිලියන 90 ක් පමණ ගෙවීමට නියමිතව ඇති බවයි.

ඉන් බිලියන 10 ක පමණ හෝ මුදලක් කඩිනමින් ගෙවනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය අපේක්ෂා කරන බව ද සඳහන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top