විවර වූ අමුතුම ඇස
Sunday, 09 January 2022 - 11:25 | Views - 593
මිනිස් වාසයට සුදුසු විශ්වයේ ඈත ග්‍රහ ලෝක පිළිබඳව තොරතුරු සෙවීමට අභ්‍යවකාශයට යැවූ විශාලතම මෙන්ම ප්රබලතම දුරේක්ෂය එහි දැවැන්ත ඇස දැන් විවර කර තිබෙනවා.
ඒ, ඩොලර් බිලියන 10 ක වියදමින් තැනූ ජේම්ස් වෙබ් දුරේක්ෂය අභ්‍යවකාශයෙන් තොරතුරු ග්‍රහණය කරගන්නා දැවැන්ත දර්පණය ඊයේ (08) විදහාලීමත් සමඟයි.
පසුගිය නත්තල් දා අභ්‍යවකාශගත කෙරුණු මෙම දුරේක්ෂයේ දර්පණය හකුලා තිබූ අතර, මේ වනවිට එය එහි සම්පූර්ණ පළල එනම් මීටර 6.5 ක් දක්වා දිගහැරී ඇති බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ.
වසර 30 ක් තිස්සේ සංවර්ධනය කෙරුණු මෙම දුරේක්ෂය මගින් විශ්වයේ ආරම්භය පිළිබඳවද තොරතුරු ගවේෂණය කිරීමට නියමිතයි.
Share This Article