අදත් විදුලි කප්පාදුවක් නැහැ
Sunday, 09 January 2022 - 10:50 | Views - 745
අද දිනයේත් විදුලි කප්පාදුවක් සිදු නො කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ, විදුලි ජනනයට අවශ්‍ය දැවි තෙල් මෙටි්රක් ටොන් 2,000 ක් පමණ මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ලබාදී ඇති බවයි.
ඒ, සපුගස්කන්ද බලාගාරයට සහ කොළඹ වරායේ බත්තල බලාගාරයට දැවිතෙල් මෙටි්රක් ටොන් දහස බැගින්.
එවන් පසුබිමක් තුළ සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් මතුවී නොමැති බවයි විදුලිබල මණ්ඩලය කියා සිටියේ.
දැවිතෙල් සහ ඩීසල් තොග සම්බන්ධයෙන් හෙට දිනයේ දී යළි සමාලෝචනයක් සිදු කිරීමට පියවර ගන්නා බව ද ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article