රටේ පවතින කොවිඩ් තත්වය නිසා තම දියණියට ගණිතය විෂය ඉගැන්වීම සඳහා කොළඹ ප්‍රදේශයේ මවක් විසින් ගුරුවරයෙකු සොයා තිබේ.
ඒ අනුව ඇගේ මිතුරියක් විසින් ගණිතය විෂයට ඉතා දක්ෂ ලෙස උගන්වන තරුණ ගුරුවරයෙකු ගැන තමා දන්නා බව එම මවට පවසා ඇත.
ඉන් පසුව ඇය එම ගුරුවරයාගේ දුරකථන අංකය ලබාගෙන ඔහුට නිවසට පැමිණ තම දියණියට ඉගැන්වීම් කටයුතු කිරීමට හැකි දැයි විමසා තිබෙන අතර, එම යෝජනාවට ඔහු එක්වරම කැමති වී මවට පවසා ඇත්තේ ඒ සඳහා දිනයක් සහ වේලාවක් යොදා ගන්නා ලෙසටයි.
ඒ අනුව පසුගිය දිනෙක එම මව විසින් සවස් කාලයේදී අදාළ ගුරුවරයාව නිවසට ගෙන්වාගෙන තිබේ.
මවද ගුරුවරයා පැමිණි දින දැඩි සතුටට පත්ව ඇත්තේ ගණිතය විෂයය සඳහා තම දියණිය කාලයක් තිස්සේ ගණිතය විශයට දුර්වලව සිටි නිසාවෙනුයි.
එදින සවස් කාලයේ නිවසට පැමිණ ගුරුවරයා විමසා තිබෙන්නේ පන්ති සිදු කරන්නේ කොහෙද කියායි.
සාලයේ පන්තිය සිදුකරන ලෙස කියා මව තම දියණියට ගුරුවරයා උගන්වන ආකාරය ටික වෙලාවක් නිරීක්ෂණය කළ රාත්‍රී ආහාරය පිසීම සඳහා කුස්සියට ගොස් තිබේ.
විනාඩි කිහිපයකින් පසු ඇයට දැනී ඇත්තේ යම් පුද්ගලයෙකු පිටුපසින් පැමිණ ඇයව ස්පර්ශ කිරීමට උත්සාහ ගන්නා ආකාරයයි.
වහාම හැරී බැලූ ඇය දැක ඇත්තේ එම ගුරුවරයා මෙලෙස තමාව ස්පර්ශ කිරීමට උත්සාහ දරන බවයි.
ඇය එකවරම කෑගසාගෙන සාලයට දුවගොස් තිබෙන අතර තමාට අභ්‍යාසයක් කිරීමට ලබාදී ගුරුවරයා මව සොයාගෙන ගිය බවයි දියණිය පවසා ඇත.
අදාළ මවගේ කෑගැසීමෙන් ගුරුවරයා ඉක්මනින් එම ස්ථානයෙන් දිව ගොස් ඇති අතර තමාට එම ගුරුවරයාව සම්බන්ධ කර දුන් තම මිතුරියටද ඇය මේ සම්බන්ධයෙන් දන්වා තිබේ.
ඔහුගේ එවන් හැසිරීමක් පිළිබඳව තමා නොදැන සිටි බවත් සමාවන ලෙසට මිතුරිය පවසා තිබේ.