ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා මාස 3 ක විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ පක්ෂයේ ආසන සංවිධායක ධුර සඳහා ඊයේ (08) නව සාමාජිකයන් පත් කිරීමත් සමගයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම විශේෂ වැඩසටහන ආරම්භ කර ඇත්තේ ශක්තිමත් පක්ෂයක් ලෙස නව සන්ධානයක් ගොඩනගා ගනිමින් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේ අරමුණින්.
පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ සෑම ආසනයකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන කාර්යාලයක් පිහිටුවීමට නව සංවිධායකවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි.