ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල යළි ඉහළට
Friday, 07 January 2022 - 16:43 | Views - 2,599
කසකස්ථානයේ ගැටුම් සහ ලිබියාවේ තෙල් සැපයුම අඩාලවීමත් සමඟ ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල අද (07) නැවතත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එහිදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 82 යි ශත 56 ක් ලෙස සටහන් වූ අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 80 යි ශත 13 ක් ලෙසයි.

ඒ අනුව වසරේ පළමු සතිය තුළ තෙල් මිල සියයට 6 කින් පමණ ඉහළ ගොස් ඇති අතර, දැන් වාර්තාවන්නේ පසුගිය නොවැම්බරයෙන් අනතුරුව වාර්තාවන ඉහළම තෙල් මිලයි. ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයෙන් ඉල්ලුම පහත වැටීම අභිබවා, සැපයීම පිළිබඳ අවිනිශ්චිත භාවය පෙරට පැමිණීම, මෙලෙස ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාමට හේතුවී ඇති බව සැළකෙනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top