කොටස් වෙළෙඳපොළ මිල ඉහළට
Friday, 07 January 2022 - 16:19 | Views - 985
කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය අද (07) නැවතත් නව වාර්තාවක් පිහිටුවමින් 13,280 දශම 9 යි 4 ක් ලෙස සටහන් වුණා.
ඒ ඒකක 111 යි දශම 5 යි 4 කින් ඉහළ යමින්. කොටස් වෙළඳපොල සමස්ත දර්ශකය මෙලෙස වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇත්තේ අඛණ්ඩ ව 5 වන දිනටයි.
කොටස් මිලියන 622කට වැඩි ප්‍රමාණයක් අද හුවමාරු වූ අතර, මුළු පිරිවැටුම රුපියල් බිලියන 11 යි දශම 6 කට අධිකයි.
Share This Article