ලාංකිකයන්ට ගුවන් තොටුපලේදීම ලැබෙන කොරෝනා එන්නත්
Friday, 07 January 2022 - 11:17 | Views - 479
විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා ෆයිසර් කොරෝනා එන්නත් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක ගුවන් තොටුපලේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් අද (07) දින ස්ථාපිත කරනු ලැබුවා.
පැය විසි හතර පුරා සතියේ දින හත තුළම ක්‍රියාත්මක මෙම එන්නත්කරණ මධ්‍යස්ථානය මගින් විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ එන්නත්කරණ තත්වය අනුව අදාළ කොරෝනා එන්නත් ලබාදීම සිදුකරනු ඇති.
එහිදී එන්නත්කරණය නොලැබූවන්ට පළමු මාත්‍රාවත්, පළමු මාත්‍රාව ලැබූ අයට දෙවන මාත්‍රාවත් ලබාදෙන අතර, මාත්‍රා දෙකම ලබාගත් අය සඳහා බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රාව ලබාදීමට නියමිතයි.
Share This Article